නිරෝධායන ඇඳිරි නීතිය පවතින මෙම වකවානුවේ මත් පැන් හල් විවෘත කිරීමේ තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව ගෙන ඇතැයි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.ඒ අද(18) පැවති මාධ්‍ය හමුවකදීය.නමුදු නිරෝධායන ඇඳිරි නීතිය ඇතුළු කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වරයා සතු බලතල සහ වගකීම් මෙලෙස වෙනත් පාර්ශවයක් විසින් භාවිතා කරීම ගැටළු සහගත බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.