මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මේ දක්වා රුපියල් බිලියනයක මුදලක් පාඩුවී ඇතැයි වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඊයේ(05) පාර්ලිමේන්තුවේදී පැවසීය.මෙය ඉදිකරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස බවත් ශ්‍රී ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් යානා කටුනායකට ගොඩ බෑමට නොහැකි වන විට හදිසි ගොඩ බෑම් ලෙස මත්තල භාවිතා කර ඇති බවත් කීවේය.කෙසේ වෙතත් මෙම ගුවන් තොටුපොළ සඳහා වෙළෙඳ සැලසුම් සකස් කර ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.සමගි ජන බල පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා වාචික පිළිතුරු බලාපොරොත්තුවෙන් අසනු ලැබූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.