මත්පැන් නිෂ්පාදිත සමාගම් විසින් රජයේ හෝ සුරාබදු දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව මත්පැන් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා මත්පැන් නිෂ්පාදිත සමාගම්වලට දැනුම් දී තිබේ.
මත්පැන් මිල වැඩි කිරීම මුදල් අමාත්‍යාංශය විසින් බදු වැඩිකිරීම හරහා සිදුකරන බවත් මෙවර මුදල් අමාත්‍යාංශය හෝ සුරාබදු දෙපාර්තමේන්තුව නොදැනුවත්ව මත්පැන් මිල ඉහළ දමා තිබෙන බවත් ඔහු සඳහන් කරයි.