මධ්‍යම අධිවේගයේ පළමු අදියරට දෙන චීන ණය නවතී

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ඉදිකිරීම සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 51 ක ණය මුදල ලබා දීම ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ චීනයේ එක්සිම් බැංකුව විසින් අත්හිටුවා තිබේ.ශ‍්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට තීරණය කර තිබීම සේම චීන නිරීක්ෂණ නෞකාවට හම්බන්තොට වරායට සේන්දු වීම සම්බන්ධයෙන් බාධක පැමිණවීම ද චීනයේ නොසතුටට හේතු වී ඇති අතර ශ‍්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට තීරණය කර තිබීමද මෙම ණය ලබා නොදීමේ තීරණයට බලපා ඇත. මේ වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මීරිගම අතර කිලෝමීටර් 37 ක දුරක ව්‍යාපෘතියේ සේවය කළ චීන ජාතිකයන් 500 ක් පමණ නැවත සිය රට බලා පිටත් වී ඇති අතර ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ රැකියා 2000 ක් පමණ අනතුරට ලක්ව ඇත.ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2020 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද අතර එය 2024 අවසානය වන විට අවසන් කිරීමට ඉලක්ක කර ඇත.මේ වන විට ව්‍යාපෘතියෙන් සියයට 32 ක් පමණ අවසන් කර ඇත්තේ ශ්‍රී ලංකා රජයේ රුපියල් බිලියන 33 ක පමණ මුදලිනි.

කාලීන පුවත්