මන්කිපොක්ස් වෛරසයට එරෙහි එන්නතට WHOහි අනුමැතිය

මන්කිපොක්ස් වෛරසය ආසාදනය වැලැක්වීමට පියවරක් ලෙස හඳුන්වා දුන් පළමු එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව මන්කිපොක්ස් ආසාදනයට එරෙහිව වයස අවුරුදු 18ට සහ ඊට වැඩි පුද්ගලයන් සඳහා මාත්‍රා දෙකකින් යුත් මෙම Mpox එන්නත භාවිතා කිරීමට අවසර හිමි වී තිබෙන බවයි වාර්තා වේ.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වයස අවුරුදු 18ට අඩු අය සඳහා එන්නත නිර්දේශ නොකරන නමුත්, ළදරුවන්, ළමුන් සහ නව යොවුන් වියේ පසුවන දරුවන් සඳහා එය සුවිශේෂී තත්ත්වයන් තුළ භාවිතා කළ හැකි බවයි.

කාලීන පුවත්