මෙම පාර්ල්මේන්තු ඡන්ද විමසුම තුළින් රටේ මහජනතාව වෙනුවෙන් කතා කරන නිලධාරීන්ට අත්වන ඉරණම පිළිබඳව රටටම ඇත්ත දැනගැනීමට අවස්ථාවක් ලැබුණ බවත් තමන් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට එන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඊයේ(24) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ ය.රටේ සියලුම ජනතාව වෙනුවෙන් තමන් කළ සේවය අගැයීමට පත්කරමින් තමා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිය පළකරන බව ද සභාපති ජනක රත්නායක මහතා කීය.රජය විසින් අසාධාරණ ලෙස විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තමන් දිගින් දිගටම රටේ ජනතා වෙනුවෙන් සටන් කළ බවත් ඊට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 123ක් තමා ඉවත් කිරීමට කටයුතු කළ ද රටේ ජනතාව තමන් ප්‍රතික්ෂේප කොට නැති බවත් සභාපති ජනක රත්නායක මහත සඳහන් කරයි.“මේ පරාජය මගේ එකක් නෙමෙයි. මේක සමස්ත ජනතාවටම අත්වූ පරාජයක්. මේ ඉවත් කිරීම ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මගේ පුටුව, මේසය සේරම අරගෙන යනවා. ඒවා ඊයෙම මම ගලවගත්තා. මම හිතන්නේ මේක අනාගතයේ රජයක් ගැනීම සඳහා මූලික පියවර තැබීමක්. මම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට එනවා” යැයි ද ඔහු කීය.