සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත ‘මම මේ යුද්ධය ඊළග යුද්ධ හමුදාපතිට ඉතිරි නොකරමි’ ග්‍රන්ථය එළි දැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ(28) සවස නෙලුම් පොකුණ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.එහිදී සරත් ෆොන්සේකා මහතා විසින් සිය කෘතියේ පළමු පිටපත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පළමුව පිළිගැන්වීය.මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු සෙසු ආගමික නායකයන්, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු කථානායක කරු ජයසූරිය , අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, තානාපතිවරුන් ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් සහභාගී වූහ.