මේ රට මෙහෙයවන තරුණ නායකත්ව යුගය මම අරඹනවා

මේ රට මෙහෙයවන තරුණ නායකත්ව යුගය අරඹනවා මේ රට මෙහෙයවන තරුණ නායකත්ව යුගය තමන් විසින් ආරම්භ කරනු ලබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍ය මඟින් අදහස් දැක්වූ ඔහු මෙසේ ද කීය.”ඊළඟ නූතන පරම්පරාවේ රට මෙහෙයවන තරුණ නායකත්වය මගෙන් ඇරැඹෙනවා ඇති. මේ රට තරුණයන්ට පමණක් නොවෙයි වැඩිහිටියන් වෙනුවෙනුත් කළ යුතු වැඩ කොටසක් තියෙනවා. ඒක නිකම්ම නිකම් වැඩ කොටසක් නොවෙයි. ඇඟට දැනෙන ප්‍රායෝගික වැඩපිළිවෙළක් මා ඉදිරිපත් කරනවා. මේ රට කුරිරු ත්‍රස්තවාදයෙන් වෙළී තියෙද්දි රට දිනවා දුන්නා. දැන් මම සටනට එක්වුණේ රට ආර්ථික අර්බුදයකට ලක්වී තිබෙන මොහොතක. ජනතාව වෙනුවෙන් පොරොන්දු ඉටුකරන යුගයක් මගේ පාලන කාලය තුළ බිහි කරනවා. ඒ සඳහා ජනතාව හරි තීන්දුව ගනීවි කියලා මම විශ්වාස කරනවා”.

කාලීන පුවත්