මල්වතු මහ නා හිමියෝ දේශපාලනඥයන් හමු වීම ප්‍රතික්ෂේප කරති

තමන් වහන්සේ බැහැ දැකීමට එන කිසිදු දේශපාලනඥයකුට ඒ සඳහා ඉඩ කඩ ලබා නොදෙන මෙන් අතිපූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ මල්වතු මහ නා හිමියන් දැනුම් දී ඇතැයි මල්වතු මහා විහාර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.වර්තමානයේ රටේ ජනතාව මුහුණ පා ඇති අති දරුණු ඛේදනීය තත්වය හමුවේ මෙරට සියළුම දේශපාලනඥයන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහ නාහිමි වරුන් ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දේශපාලනඥයන් වෙත යොමු කළ ලිපියට මේ දක්වා කිසිදු දේශපාලනඥයකු ප්‍රමාණවත් ප්‍රතිචාර නොදැක්වීම මත එම දේශපාලනඥයන් තමන් වහන්සේ බැහැ දැකීමට පැමිණෙනුයේ සද් භාවයෙන් නොවන බව වැටහෙන නිසා උන් වහන්සේ මේ තීරණයට එළඹි බව මල්වතු මහා විහාර ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි

කාලීන පුවත්