මසකට බිත්තර මිලියන 30 බැගින් ආනයනය කිරීමට සැලසුම්

බිත්තර ආනයනය කිරිමේ කටයුතු ඉදිරි දින 10ක් ඇතුළත යළි ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේ ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදුවන බවයි. ඒ අනුව මසකට බිත්තර මිලියන 30 බැගින් ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.

දේශීය වෙළෙඳපොළ තුළ බිත්තරයක් රුපියල් 50 ඉක්මවා මිලකට අලෙවි වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවිය.

කාලීන පුවත්