මසට ගෙන යමින් සිටි එළදෙනට මහියංගනයේ දී “දරු සම්පතක්”

හිංසාකාරී අයුරින් ලොරි රථයකින් මස් පිණිස ප්‍රවාහනය කරමින් සිටියදී මහියංගණය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට පත් එළ ගවයන් දස දෙනාගෙන් ගැබ්බරව සිටි එළදෙනක් මහියංගණය පොලිස් ස්ථානයේදීම පැටවා බිහි කර ඇත.මේ වන විට පැටවා සහ මව් එළදෙන පොලිස් ස්ථාන භූමියේ නිරෝගීව සිටින අතර මෙම අත් අඩංගුවට ගැනීම කොට ඇත්තේ මහියංගණය පොලිසි දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පො. සැ. 66024 ජයසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

කාලීන පුවත්