මහ කන්නය තෙක් සහල් හිඟයක් නෑ;ඒත් රජය සතුව වී හෝ සහල් තොගත් නෑ

දැනට පවතින සහල් සංචිත එළැඹෙන මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් බැවින් සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.ගොවීන්ට අවශ්‍ය පොහොර වර්ග තුනම නිසි වේලාවට ලබාදීම සහ මූල්‍ය සහන ලබා දීම හේතුවෙන් පසුගිය මහ කන්නය සාර්ථක වූ බවත්, නියඟය නොමැති අනෙක් පළාත්වලින් ඉහළ අස්වැන්නක් ලැබුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍ය වරයා මේ බව සඳහන් කළේ “කෘෂි කාර්මික අංශය නවීකරණය කිරීම සහ එහි අභියෝග” මැයෙන් ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අංශය මඟින් ජනාධිපති කාර්යාලයේදී සංවිධානය කර තිබූ විද්වත් හමුව අමතමිනි.එහෙත් මේ වන විට රට තුළ ප්‍රමාණවත් වී සහ සහල් තොග ඇතත් මේ වන විට රජය සතුව අතිරේක වී සහ සහල් තොග නොමැති වීම මත ඉදිරි කාලයේ සහල් මිලෙහි යම් ඉහළ යාමක් සිදු වනු ඇති බව ද ඇමති වරයා මින් පෙර අවධාරණය කොට තිබේ.ඒ අනුව මෙරට සහල් අලෙවිය සම්බන්ධයෙන් මහා පරිමාන සහල් හිමියන් කිහිප දෙනකු අතට පත් වී ඇති ඒකාධිකාරීත්වය බිඳ ජනතාවට සාධාරණ මිලට සහල් ලබා දීමට ජනාධිපති වරයා කඩිනම් පියවර ගත යුතු බව ජනතාව කියති.

කාලීන පුවත්