මහ කන්නයේ මුලින්ම අස්වද්දන ලද අම්පාර දිස්ත්රික්කයේ අක්කරෙයිපත්තුව,හිගුරාන හා ඒ ආශ්රිත කුඹුරු හෙක්ටයාර් අසූ දෙදහසකට වැඩි ප්රමාණයක අස්වනු නෙලීම දැන් ආරම්භ වී තිබේ. මෙවර අස්වැන්න අඩකින් පමණ අඩුවී ඇතැයි ගොවීන් මැසිවිලි නඟන අතර තවත් පිරිසක් පවසනුයේ මෙවර අස්වැන්න සැළකිය යුතු ලෙසින් අඩු වී නොමැති බවකි.