වර්තමාන ආර්ථික අර්බුදය මුල් කොට කඩ සාප්පු සේම ඇතැම් ආපන ශාලා ද වැසී යන තත්වයක් දක්නට ලැබේ.ඒ එම භාණ්ඩ හා ආහාර මිල ඉහළ යාම් අනුව ඒවා මිල දී ගැනීමට පාරිභෝගිකයන් තුළ ඇති වන පසු බෑමය.ඊට අමතරව එම ව්‍යාපාරික ස්ථාන පවත්වා ගෙන යාම වෙනුවෙන් වන බදු මුදල්, සේවක වැටුප් විදුලි හා ජලබිල් පත් ආදී මෙකී නොකී විය පැහැදම් නිසා ඒවා පවත්වාගෙන යාමට බොහෝ දෙනකුට නොහැකි වේ.එහෙත්, එමඟින් ආහාර පාන ලබා ගැනීමේ පාරිභෝගික අවශ්‍යතා ශූන්‍ය නොවීම මත පිරිසක් වීදි ආහාර කෙරෙහි යොමු වෙති වීදි ආහාර යනු පදික වෙළෙන්දෙකු හෝ වෙළෙන්දෙකු විසින් වීදියක හෝ වෙළඳ පොලවල් වැනි පොදු ස්ථානවල විකුණන ලද කෑමට සූදානම් ආහාර හෝ බීම ය. එය බොහෝ විට පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි ආකාරයට සකස් කරන ලද කුටියක් වන අතර සමහර විට කරත්තයක්, කුඩා මෝටර් රථයක්, ට්‍රක් රථයක් තුළ ආහාර තබාගෙන විකුණනු ලබන ස්ථානයක් ලෙස ද හැඳින්විය හැකිය. සාමාන්‍යයෙන් මෙවැනි වීදි ආහාර අතර වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ ක්ෂණික පරිභෝජනය සඳහා උචිත ආහාර ය.
සමහර වීදි ආහාර කලාපීය ය. නමුත් බොහෝ ඒවා ඔවුන්ගේ ප්‍රදේශයෙන් ඔබ්බට ව්‍යාප්ත වී ඇත. බොහෝ වීදි ආහාර Finger food ඇඟිලි ආහාර සහ Fast food ක්ෂණික ආහාර ලෙස වර්ගීකරණය කර ඇති අතර ඒවා සාමන්‍යයෙන් අවන්හල් ආහාරවලට වඩා ලාභදායී වේ. ඇගිලි ආහාර යනු ඇගිලි දෙකකින් අල්ලාගෙන පමණක් ආහාරයට ගත හැකි, එනම් රොටී, පාන්, බනිස් වැනි ආහාර වර්ගයන් ය. ක්ෂණික ආහාර යනු කෙටි කාලයක් තුළ සාදා නිම කළ හැකි ආහාර වර්ගයන් ය. මීට අමතරව ප්‍රධාන ආහාර වේල් ද වීදි වල විකුණන අවස්ථා තිබේ.
වීදි ආහාර වර්ග ලොව පුරා විවිධ රටවල කලාප සහ සංස්කෘතීන් අතර පුළුල් ලෙස වෙනස් වේ. ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 2007 අධ්‍යයනයකට අනුව, දිනකට බිලියන 2.5 ක ජනතාවක් වීදි ආහාර අනුභව කරන බව වාර්තා වී තිබේ. මධ්‍යම ආදායම්ලාභී පාරිභෝගිකයින්ගෙන් බහුතරයක් විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල දෛනික පෝෂණය සහ රැකියා අවස්ථා සඳහා ඉක්මන් ප්‍රවේශයක් ලෙස ද පහසුවෙන් ලාභ ඉපැයිය හැකි සේවාවක් ලෙස ද වීදි ආහාර හැදින්විය හැකි ය.
මීට වසර ගණනාවකට පෙර සිටම බටහිර කලාපයේ දියුණු රටවල වීදි ආහාර සංස්කෘතිය සදහා ඉතා ඉහළ ඉල්ලුමක් පැවතුණ ද ආසියාතික රටවල වීදි ආහාර සංස්කෘතියේ ආරම්භය සනිටුහන් වන්නේ දශක තුනකට පමණ පෙරදී ය. නමුත් ශ්‍රී ලංකාවේ වීදි ආහාර සංස්කෘතිය වසර දෙක තුනට පමණ ඉහත දී ආරම්භ වූ බව පැවසිය හැකිය. එසේ වන්නට හේතුව පිළිබදව ද යම් සංස්කෘතිකමය කරුණු කීපයක් උපුටා දැක්විය හැකි ය.
සාමාන්‍යයෙන් අපේ මුතුන් මිත්තන් අතර වර්තමානය දක්වාම ඇති ප්‍රබල මතයක් වන්නේ කිසියම් ආවරණයක් හෝ වහලක් නොමැති ස්ථානයක සිට ආහාර ගැනීම කිසිදු විටෙකත් සිදු නොකළ යුතු බවකි. එයට හේතුව ලෙස සඳහන් වන්නේ මිථ්‍යා මතයකි. එනම් වසර දහස් ගණන්වල සිට ආහාර නොමැතිව වායු ගෝලය පුරා ප්‍රේත, භූත, පිසාච ආදී නොපෙනෙන බලවේග සංසරණය වෙමින් පවතින බවත්, එළිමහනේ ආහාර ගන්නා විට එම ආහාරවලට එසේ සංසරණය වෙමින් පවතින නොපෙනෙන බලවේගවල බැල්ම වැටිය හැකි බවත්, ඔවුන්ගේ බැල්ම වැටුණු ආහාර ශරීරයට ජීර්ණය වූ පසු ආමාශය ආශ්‍රිතව හඳුනාගත නොහැකි ආකාරයේ ලෙඩ රෝග සෑදිය හැති බවත් ය.
එපමණක් ද නොවන එවැනි ලෙඩ රෝග සදහා පිළියම වන්නේ ශාන්තිකර්ම පමණක් වන අතර බටහිර වෛද්‍ය විද්‍යාවේ කිසිදු ඖෂධයක් ඒකී ලෙඩරෝගවලින් මිදීම සදහා සුදුසු නොවන බවත් එම මිථ්‍යාමය මතයන් අතර වේ.
මේ ආකාරයේම වූ සමහර ‘නොපෙනෙන බලවේගයන්’ නිසා ලෝකයේ වෙනත් බහුතරයක් රටවල වීදි ආහාර තහනම් කර ඇති අවස්ථාවන් පිළිබදව ද, ඒකී ‘නොපෙනෙන බලවේග’ නිසා පාරිභෝගිකයන් විසින් වීදි ආහාර ප්‍රතික්ෂේප කළ අවස්ථා පිළිබදව ද විවිධ කාල වකවානුවලදී ජාත්‍යන්තර ජන මාධ්‍ය ඔස්සේ අපට අසන්නට දකින්නට ලැබී තිබේ. නමුත් ඔවුන් පවසන ආකාරයට නොපෙනෙන බලවේග යනු අපේ මුතුන් මිත්තන් විසින් පවසනු ලබන ප්‍රේත, භූත, පිසාච ආදී නොපෙනෙන බලවේග නම් නොව, බටහිර වෛද්‍ය විද්‍යාවේ පර්යේෂණ මගින් සාක්ෂි සහිතව හදුනා ගනු ලැබූ ‘විෂබීජ’ නම් වූ නොපෙනෙන බලවේග බව කිව යුතු ය. මේ සියළු තත්වයන් යටතේ වර්තමාන් ආර්ථික අර්බුදය හමුවේ අප සමාජයේ වැඩි පිරිසකට මහ පාරෙන් කෑම සොයා ගැනීමට හෙවත් වීදි ආහාර පරිභෝජනයට ඉඩ සැලසෙමින් තිබේ.ඒ අනුව එය අප සමාජයේ නව ආහාර සංස්කෘතියකට මුල පිරීමක් ලෙස ද හැඳින්විය හැක.
දුලංජලී මුතුවාඩිගේ