මහ මැතිවරණය නිසා ගොවි ධීවර සහනාධාර නතර කරයි

පසුගිය දා වත්මන් රජය මගින් ප්‍රකාශයට පත් කළ වැඩිකළ පොහොර සහනාධාරය සහ ධීවරයින් උදෙසා වන ඉන්ධන සහනාධාරය මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මෙවැනි සහනාධාර ලබා දීමෙන් සෙසු අපේක්ෂකයන් අගතියට පත්වීම වැලැක්වීම පිණිස මැතිවරණ කොමිසම මගින් අත්හිටුවා ඇත. මැතිවරණයෙන් පසුව එම සහනාධාර ලබා දෙන ලෙස ද කොමිසම දැනුම් දී තිබේ.වී ගොවීන් සදහා හෙක්ටාරයකට මෙතෙක් ලබාදුන් රුපියල් පහළොස් දහසේ පොහොර සහනාධාරය රුපියල් විසි පන්දහස දක්වා වැඩි කිරීමට ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් දී තිබුණු අතර, ධීවරයින් සදහා වන ඉන්ධන සහනාධාරය ද ඉහළ නැංවීමට තීරණය කෙරුණි.නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වැඩිකළ මෙම සහනාධාර හෙට සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණු අතර, මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මෙවැනි සහනාධාර ලබා දීමෙන් සෙසු අපේක්ෂකයන් අගතියට පත්වීම වැළැක්වීම සදහා එය තාවකාලිකව නතර කළ බව මැතිවරණ කොමිසම පවසා සිටී.

කාලීන පුවත්