අධික වර්ෂාවත් සමග බදුල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල මහා මාර්ගවලට පස් කඳු කඩාවැටීමෙන් ගමනා ගමනයට බාධා එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයෙන් විශාල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.
ගිනිගත්හේන ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ගයට ඉහලින් පිහිටි විශාල පස් කන්ද ගස් සහ ගල් සමග මාර්ගයට කඩා වැටි ඇති බව පොලිසිය කියයි.
ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද සහ ගල් ඉවත් කරන තෙක් කොළඹ සිට හැටන් දක්වා ගමන් ගන්නා සියළුම වාහන කළුගල ලක්ෂපාන නෝටන්බ්‍රිජ් මාර්ගයෙත් , මහනුවර සිට හැටන් දක්වා ධාවනය කරන සියළුම වාහන නාවලපිටිය තලවකැලේ මාර්ගයෙත් ධාවනය කරන ලෙස හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.