මහකනදරා වැව අද්දර වන අලින් කුලප්පු කරවීමක්

රාත්‍රී කාල වලට ජලය සොයා ගෙන මිහින්තලය මහකනදරා වැවට පැමිණෙන 200කට අධික වන අලින් ඩ්‍රෝන කැමරා යොදා කුලප්පු කර විනෝද වන පිරිස් නිසා තමන් වන අලින් ගෙන් දැඩි පීඩා විදින බව මිහින්තලේ වැසියෝ පවසති.රාත්‍රී කාල වලට ජලය සොයා ගෙන එන අලි ඇතුන් නැරඹීම සදහා දිනපතා විශාල පිරිසක් පැමිණෙන බව ද වාර්තා වෙයි.ඒ අතර සිටින ඇතැමුන් ඩ්‍රෝන කැමරා යොදා අලි ඇතුන් කුලප්පු කරවන අතර ඩ්‍රෝන යානාවලට බිය වී ආහාර හා ජලය නොගෙන කැලෑ වදින අලින් රාත්‍රී කාලයේ දී යළි ගම් වදින බව පවසන ප්‍රදේශවාසීහු එසේ වන අලින් කුලප්පු කරවන්නවුන් ට එරෙහිව ප්‍රදේශ වාසීන් නීතිය අතට ගැනීමේ සූදානමක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වග කිව යුත්තන් වහා ක්‍රියාත්මක විය යුතු බව පවසති..

කාලීන පුවත්