මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර අද (10) වීදි සංචාරය කිරීමට නියමිතය.ශ්‍රී දළදා මාලිගාව අබියසින් දකුණු දිශාභිමුඛව පස්වරු 6.06ට පිටත් වන පෙරහර ශ්‍රී දළදා වීදීය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිත ව තිබේ.මෙවර මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 5500ක පමණ පිරිසක් යොදවා ඇත.ඒ අතර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන්, ලබන 14 වැනිදා සිට 19 වැනිදා දක්වා දිවා රාත්‍රී සේවා ලෙස විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර තිබේ.ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි බස් රථ 438 ක් යෙදවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සැලසුම් කර තිබේ.මීට අමතරව අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, කෑගල්ල, කොළඹ, ගම්පහ, නාවලපිටිය, ගම්පොල වැනි ප්‍රදේශවල සිට තවත් අතිරේක බස් රථ 100ක් යෙදවීමට ද සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.