මහනුවර ගස් කඩාවැටීම හේතුවෙන් රථ වාහන 08කට දැඩි අලාභහානී

මහනුවර, තිලක් රත්නායක මාවතේ දැවැන්ත ගස් දෙකක් කඩාවැටීම හේතුවෙන් එම ස්ථානයේ ගාල් කර තිබූ රථ වාහන 08කට දැඩි අලාභහානී සිදුව තිබේ.

අද (27) පෙරවරු 11ට පමණ එකිනෙකට යාබඳව පිහිටි බෝ ගසක් හා සපු ගසක් එසේ කඩා වැටී ඇති අතර පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම ගස්වල මුල් දිරා ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

ඒ හේතුවෙන් එම ස්ථානයේ නවතා තිබූ ලොරි, කාර්, වෑන්, ත්‍රිරෝද රථ ඇතුළු වාහන අටකට දැඩි අලාභ හානි සිදුව ඇති අතර අනතුරින් තුවාල ලද දෙදෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.

කාලීන පුවත්