මහව සන්ධිය -අනුරාධපුර දුම්රිය ධාවනය යළි හෙට සිට;හරස් මාර්ග භාවිතය පරිස්ස්මෙන්!

උතුරු දුම්රිය මාර්ගයේ මහව සන්ධියේ සිට අනුරාධපුරය තෙක් ප්‍රතිසංස්කරණය සඳහා වසා දමා තිබූ කොටස ප්‍රතිසංස්කරණයෙන් පසු හෙට(28) සිට කොළඹ-කන්කසන්තුර දක්වා දුම්රිය ධාවනය සඳහා යොදන බැවින් දුම්රිය හරස් මාර්ග භාවිතයේ දී විශේෂයෙන් පරීක්ෂාකාරී වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටියි.එම අළුත් වැඩියාවෙන් පසු ඉකුත් කාලයේ පනවා තිබූ ඇතැම් දුම්රිය වේග සීමා ද ඉවත් කොට ඇති බැවින් පෙරට වඩා වැඩි වේගයකින් දුම්රිය ධාවනය වීමට ඇති හැකියාව ද සලකා බලා දුම්රිය හරස් මාර්ග භාවිතය වඩාත් සුපරික්ෂාකාරී ලෙස සිදු කළ යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් දන්වා සිටියි.

කාලීන පුවත්