මහින්ද අමරවීර ගේ “රිලා බොරු” කොණ්ඩේ බැඳපු චීන්නුන්ට හොඳයි

රිළවුන් ලක්‍ෂයක් චීනයට ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිදු කොට ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය හා පදනම් විරහිත ඒවා බවට සත්ව අහිංසා ක්‍රියාකාරීන් සහ පරිසරවේදීහු චෝදනා කරති.ඇමති වරයා කියා සිටින අන්දමට මෙරට රිලා ගහණය ලක්ෂ තිහක් බවට කරන ප්‍රකාශය ඕනෑම කෙනකු සිනා ගන්වන සුළු බව පවසන පරිසර වේදීහු එසේ නම් මෙරට සැම පුරවැසියන් සත් දෙනකුටම එක් රිලවකු බැගින් සිටිය යුතු බව අවධාරණය කරති.එමෙන්ම මෙරට රිලා ගහණය පිළිබඳ මෙතෙක් කිසිදු සංගණනයක් කොට නොමැති අතර ඔවුන්ගේ උපරිම ගහණය ලක්ෂ දෙකක් විය හැකි බව ඔව්හු පවසති.මේ අතර චීනයේ සත්වෝද්‍යාන සඳහා රිලවුන් ලක්ෂයක් ඉල්ලා සිටින බවට කළ අමාත්‍ය වරයාගේ ප්‍රකාශය ද “කොණ්ඩේ බැඳි චීන්නුන්ටම”ගැලපෙන්නක් බව පවසන පරිසරවේදීන් පවසනුයේ මේ පෘථිවි තලයේ කිසිදු රටක සත්වෝද්‍යාන සඳහා සඳහා සතුන් ලක්ෂ ගණනින් ඇනවුම් නොකරන බවකි.ඒ අතර රිළවුන් ලක්‍ෂයක් චීනයට ලබාදීමට මේ වනවිට රජය සිදුකරන සැලසුම් අවලංගු නොකළහොත් එම ක්‍රියාව වළක්වා ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා වන සත්ත්ව සහ ස්වභාව ආරක්‍ෂක සංගමයේ මාධ්‍ය සම්බන්ධීකාරක ස්පෙන්සර් මැනුවල්පිල්ලේ මහතා ප්‍රකාශ කරයි.මෙරට තුළ විශාල රිළවුන් නගහනයක් සිටින බවට විවිධ අවස්ථාවල ප්‍රකාශ සිදුකළත්, මෙරට තුළ ජීවත්වන රිළවුන් ප්‍රමාණය පිළිබඳ සොයා බැලීමට කිසිදු සමීක්‍ෂණයක් සිදු නොමැති බවද එම සංගමයේ මාධ්‍ය සම්බන්ධීකාරක ස්පෙන්සර් මැනුවල්පිල්ලේ මහතා පවසයි.
.රිළවුන් විසින් වගා භූමි විනාශ කිරීම සිදුකරන බවට විවිධ ප්‍රකාශ නිකුත් වෙමින් තිබෙන බවත්, අවිධිමත් සංවර්ධන කටයුතු නිසා සිදුවන වන විනාශය නිසා වන සතුන්ගේ වාසස්ථාන අහිමිවෙමින් තිබෙන බවත් මේ නිසා වනසතුන්ගේ භූමි ආරක්‍ෂා කිරීමට වැඩපිළිවෙළක් සකස් විය යුතු බවත් ඒ මහතා පවසා සිටියේය. මෙම සත්ව කොට්ඨාසයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රජා භූමි ආශ්‍රිතව ජීවත්වන බවත්, චීනයේ සත්ත්ව උද්‍යාන සදහා රිළවුන් ලක්‍ෂයක් ලබාදෙන බවට බලධාරීන් මේ වනවිට ප්‍රකාශ සිදුකර තිබෙන නමුත්, චීනයේ රිළවුන් රැඳවිය හැකි සත්ත්ව උද්‍යාන පවතින්නේ 18ක් පමණක් බවත් ස්පෙන්සර් මැනුවල්පිල්ලේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

කාලීන පුවත්