මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂාව තවදුරටත් අඩු කරන බව දන්වා තවත් ලියුමක් එවලා

ශ්‍රී ලංකාව තුළ පැවැති යුද්ධය අවසන් කළ නායකයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තවදුරටත් අඩු කරන බව දැනුම් දෙමින් තවත් ලිපියක් එවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කරන පසුබිම තුළ මෙරට සමස්ත ජනතාවගේ ආරක්‍ෂාව ද අඩුවී ඇති බව දිනපතා සිදුවන සිදුවීම් වලින් පෙන්නුම් කෙරෙන බවද ඔහු සඳහන් කරයි.මේ වන විට අධිකරණය තුළ විනිසුරු ඉදිරිපිට ඝාතකයක් මෙහෙය වූ “නංගියා” (ඉෂාරා සෙව්වන්දි )සොයාගැනීමටවත් වගකිව යුත්තන් අසමත්ව ඇති අතර, දරුවන් ඉදිරිපිට පියවරුන් ඝාතනය වන තත්ත්වයක් ඇතිවී තිබෙන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කරයි..එබැවින් රටේ නීතියක් තිබිය යුතු බවත් ජනතාව මේ ආකාරයට අනාරක්ෂිත කිරීමට ආණ්ඩුව කටයුතු නොකළ යුතු බවද ඔහු අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකා පොදු පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමිනි.

කාලීන පුවත්