පසුගිය සඳුදා පස්වරුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ඇති වු ආරවුල සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අවශ්‍ය බව ලිඛිතව පාර්ලිමේන්තුවට දැනුම්දීමට ඊයේ (05)පස්වරුවේ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කටයුතු කර ඇත.එමආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සිය පියාට පහරදීමක් සිදුකළ බවටයි ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පුත්‍රයා විසින් කොටුව පොලීසියට පැමිණිල්ලක් කොට ඇති අතර අදාළ පැමිණිල්ලට අනුව කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ දිනයේ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.එහි දී ඔහු පවසා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමන්ට කළ පහර දීමක් නිසා පාදයක අස්ථියක් බිඳී සැත්කමකට බඳුන් වීමට ද තමන්ට සිදු වූ බවයි.” මම කළේ ඔහු ගේ කමිස කොලරයෙන් අල්ලපු එක විතරයි.ඔහුට ඔය සිද්ද වුණු කායික හානියට මගේ කිසිම සම්බන්ධයක් නෑ”පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා තිබේ.