මහින්දානන්දගේ කෘෂිකර්ම ඇමතිකම එස්.එම් චන්ද්‍රසේනට ලබන 10 වැනි දා සිදු කිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී දැනට මහින්දානන්ද අලුත්ගමගේ මහතා හොබවන කෘෂිකර්ම අමාත්‍ය ධූරය ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතාට හිමිවීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා රජයේ හරිත වගා වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී සිදු වූ අකාර්යක්ෂමතා කිහිපයක් මුල් කොට ගොවීන්ට සහ මහජනතාවට මුහුණ පෑමට සිදු වූ දුෂ්කරතා පිළිබඳව පාර්ශව කිහිපයක් විසින් මේ වන විට ද ජනාධිපති වරයා වෙත කරුණු ඉදිරිපත් කොට ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
මෙම හරිත වගා වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී කෘෂිකර්ම අමාත්‍ය වරයා විද්‍යාත්මක තීන්දු තීරණ කිහිපයක් නොතකා හැර දැඩි ප්රතිපත්තියක පසුවීම අමාත්‍යංශය තුළ ද දැඩි කතා බහට ලක් ව තිබේ.
ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා ද මෙම හරිත වගා වැඩසටහන ප්රතිසංශෝධනය විය යුතු බව කිහිප වරක්ම කියා තිබිණ.මෙම කැබිනට් මණ්ඩල සංශෝධනයේදී තවත් අමාත්‍ය ධූර කීපයක් ද වෙනස් වීමට නියමිතය.