මාතර කලාපයේ පාසල් 22 ක පමණ හිග විදුලි බිල්පත් ලක්ෂ විසිපහක් පමණ මුදලක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් විදුලි සැපයුම ඊයේ (19 ) දින සිට තාවකාලිකව විදුලිය විසන්ධි කොට ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.
හිඟ විදුලිපත් ගෙවීමට කලාප කාර්යාලයට මුදල් නොමැති වීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව හෙතෙම පවසයි .එ සදහා ලක්ෂ විසිපහකට ආසන්න මුදලක් ගෙවීමට ඇති බවත් මෙය සම්පූර්ණයෙන්ම කුමන්ත්රණයක් බවත් එමඟින් බලාපොරොත්තු වන්නේ දරුවන්ගේ දෙමව්පියන් ලවා විදුලි බිල්පත් ගෙවාගැනීමටයි. මේ සම්බන්ධයෙන් අපි ක්රියාමාර්ගයක් ගත යුතුයි.