මාතරට ගං වතුර අවදානමක්!

ඉදිරි පැය කිහිපය තුළ මාතර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පහත් බිම් වලට ජල ගැලීම් තත්ත්වයක් ඇති විය හැකි අතර බව මාතර දිස්ත්‍රික් ලේකම් වයි වික්‍රමසිංහ මහතා අනතුරු හඟවයි.මේ වන විට මාතර ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ ගල් බන්ට් ප්‍රදේශයෙන් වතුර පිටාර මට්ටමට පැමිණි ඇති බැවින් ගංවතුර තත්වය තවදුරටත් වැඩිවිය හැකි බව ඒ මහතා පවසයි.මේ අතර මාතර නිල්වලා ගඟ මහා ගංවතුර මට්ටමකට පැමිණ තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි මේ හේතුවෙන් එම ගඟ දෙපස ජනතාවට හැකි ඉක්මනින් ඉවත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

කාලීන පුවත්