මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ඇරඹෙයි

මාර්ග සංවර්ධන කටයුතු යළි ආරම්භ වී ග්‍රාමීය මාර්ග රැසක් පිළිසකර කිරිමේ කටයුතු මේ දිනවල සිදුවෙයි.

නාත්තන්ඩිය ආසනයේ අතුරු මාර්ග රැසක් සංවර්ධනය කිරීම මේ දිනවල සිදුවෙයි.

දුන්කන්නාව , ඉරණවිල ,හත්තිනිය,හාල්පන්විල , නාත්තන්ඩිය මරදවැල්ල යන ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි සිදුකෙරෙන මෙම මාර්ග සංවර්ධන කටයුතු සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 68ක්.

රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රදානත්වයෙන් මෙම සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණි.දොම්පේ මැතිවරණ කොට්ඨාශයේ ගිරිදර කොට්ටවත්ත මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණි.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහාගේ ප්‍රදානත්වයෙන්.මීටර් 500ක් කාපට් අතුරා සංවර්ධනය කෙරෙන අතර ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 12ක්.

කාලීන පුවත්