මාර්ගගත ආරක්ෂණ පනතට නීතිපති විසින් සංශෝධන 32ක් ඉදිරිපත් කරනු ලැබ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසීය.
එම පනත ව්‍යස්ථා විරෝධී පනතක් බව ද එයට පාර්ලිමේන්තුව තුළ ද දැඩි විරෝධයක් මේ වන විට මතුව ඇතැයි ද මෙම පනත පාර්ලිමේන්තුවේදී ම පරාජයට පත් කළ යුතු යැයි ද මහාචාර්යවරයා කීය.
මෙම පනත ආණ්ඩුව රැගෙන එන්නේ ජනතාවගේ අයිතිවාසිකම් හැකිළීමට බව ද මෙම පනත සම්මත වුවහොත් ඉදිරි මැතිවරණවලදී අපක්ෂපාතී වාර්තාකරණයක් කිරීමට නොහැකි වන බව ද ජී.එල්. පීරිස් මහාචාර්යවරයා කීය.
ප්‍රතිත්‍රස්ත පනත ද මේ හා සමාන ප්රජාතන්ත්ර විරෝධී පනතක් යැයි ද එම පනත සම්මත වුවහොත් ද ඇති වන්නේ රටේ ප්රජාතන්ත්රවාදයට මරු පහරක් යැයි පීරිස් පැවසීය.