මැති ඇමති වරුන් පිරිසකගේ නිවාස දේපල වලට විශේෂ ආරක්ෂාවක්

රජයේ ප්‍රධාන පෙළේ මැති ඇමති වරුන් පිරිසකගේ නිවාස සහ දේපල සඳහා විශේෂ පොලිස් සහ යුද හමුදා ආරක්ෂාවක් ලබා දීමට කටයුතු යොදා තිබේ.ඒ ඔවුන් සතු දේපල වලට හානි කිරීමට යම් යම් පිරිස් සූදානමින් සිටින බවට ඔවුන් විසින් ආරක්ෂක අංශ වලට පැමිණිලි කිරීමෙන් පසුවය.අගමැති මහින්ද රාජපක්ෂ මහතා සතු තංගල්ලේ කාල්ටන් නිවස වටා එක් වූ විශාල පිරිසක් රජය කෙරෙහි අප්‍රසාදය පළ කරමින් සිය විරෝධතාවය පළ කිරීමෙන් පසු රජයේ තවත් මැති ඇමති වරුන් ගේ නිවාස හා දේපළ ඉදිරියට පැමිණ එසේ විරෝධය පළ කිරීමට තවත් පිරිස් සැරසී සිටින බව පැවසේ.නමුදු කිසිදු මහජන හෝ පෞද්ගලික දේපලකට හානි සිදු නොවන ලෙස දිවා කාලයේ මෙම විරෝධතා පැවැත්වීමට එම පිරිස් කටයුතු කරන අතර මිරිහානේ ජනාධිපති වරයාගේ නිවස ඉදිරියේ විරෝධතාවයේ දී මෙන් වෙනත් පාර්ශවයන් විසින් පොදු සහ පෞද්ගලික දේපල වලට හානි කිරීමට ඇති ඉඩ කඩ වලක්වා ගන්නා ලෙස ආරක්ෂක අංශ විසින් එම විරෝධතා කරුවන්ට පෞද්ගලිකව දැනුවත් කොට ඇති බව ද වාර්තා වෙයි.

කාලීන පුවත්