මැදරට සංචාරක ප්‍රවර්ධනයට තීන්දු රැසක්

මධ්‍යම පළාත් සංචාරක සංවර්ධන මෙහෙයුම් කමිටු රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණි.

මහනුවර, මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි සංචාරක ආකර්ශනීය ස්ථාන හා ගමනාන්තයන් ප්‍රචලිත කරමින්, පහසුකම් සංවර්ධනය කරමින් දේශීය හා විදේශීය සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය පසුබිම හා තීන්දු තීරණ ගැනීම සඳහා මෙම මෙහෙයුම් කමිටුව පළාත් වෙළෙඳ, වාණිජ, හා සංචාරක දෙපාර්තමේන්තුවේ මෙහෙය වීම යටතේ සංවිධාන කෙරිණි.

මෙම සංචාරක මෙහෙයුම් කමිටු රැස්වීමේදී ඉකුත් මෙහෙයම් කමිටු රැස්වීමේදි ගන්නා ලද තීරණවල ප්‍රගතිය විමසා බැලිමත් මෙවර කමිටුව සඳහා විවිධ අංශවලින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් යොමු කරන ලද යෝජනා, අදහස් හා ගැටළු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදි.

කාලීන පුවත්