මැදිවියේ යුග දිවි මිහිර දෙස කාව්‍යාත්මක එබී බැලීමක්!

 

නූතන කවි කිවිඳියන් වත්මන් සමාජයේ නොයෙකුත් පැති ස්පර්ශ කරමින් එම සමාජමය සංසිද්ධීන් සම්බන්ධ ගුණ නුගුණ පිළිබඳ සෞන්දර්යාත්මක විවේචන ඉදිරිපත් කිරීම නූතන කාව්‍ය ක්ෂේත්‍රය තුළින් ඉඳ හිට හෝ දකින්නට ලැබෙන තත්වයක්. ඒ අනුව බලන විට ‘ආර්තවාන්ත මල්වරය’ නම් වන මේ සංයුක්ත කාව්‍ය රචනය මගින් යුග දිවි අභ්‍යන්තරයේ පවතින අතිශය පෞද්ගලික සංසිද්ධියක් මුල් කොට ගත් කාව්‍යාත්මක ප්‍රතිරෝධයක් එල්ල වී තිබෙනු දකින්න පුළුවන්. අප සමාජයේ බොහෝ කාන්තාවන් තමන් මැදිවියට පත්වීම සහ දරුවන් වැඩිවියට පත්වීමට සාපේක්‍ෂව ලිංගිකත්වය කෙරෙහි පසුබෑමක් ඇති කර ගැනීම පවත්නා සමාජ සංස්කෘතික රටාව තුළ ඉතා ප්‍රබල ලෙස සිදුවන දෙයක්.
නමුත් ඔවුන් එසේ කරනුයේ සම්මත සදාචාරය පිළිබඳ සාවද්‍ය අර්ථ කථනයන් සිත තුළ රෝපණය කර ගෙන බවයි සහේතුකව පිළිගත හැක්කේ. නමුත් එම තත්වයේ පසුවන පතිනියක ගේ ද්‍රෂ්ඨි කෝණයෙන් එම ගැටළුව අවලෝකනය කර ගන්නා මෙම කිවිඳිය එම සංයුක්ත කවිය සඳහා තමන් භාවිතා කරන කෙටි වදන් මාලාවට ඉතා සුන්දර උපමාරූපක ද යොදා එහි කාව්‍යාත්මක බව උද්දීපනය කොට පාඨකයා හමුවට ගෙන ඒමට ඇය සාර්ථක උත්සාහයක යෙදී ඇති බව බවයි අපගේ වැටහීම. “පාන නිනේනට කලියෙන් දැල්ල නගියි බෝම” යන්න ඒ සඳහා කදිම නිදසුනක්.

මේ සංයුක්ත කවිය නිර්මාණය කළ අජානා රණගල වෘත්තියෙන් නීතිඥ වරියක්.දකුණු ලක ගාල්ලේ උපන් අජානා මාර / කිරින්ද කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලබා ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා නීතිඥ වරියක ලෙස දිවුරුම් දී තිබෙනවා. ‘අපේ අහ කොහෙද ලිලී මල්‘ නම් තම පළමු පද්‍ය සංග්‍රහයෙන් කාව්‍ය රසිකයන් හමුවට එන ඇය මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයෙන් ශාස්ත්‍රපති උපාධිය සඳහා අධ්‍යයන කටයුතු වල යෙදෙනවා. නීතිඥ සැමියකු ගේ බිරිඳක වන අජානා තිදරු මවක්. දැන් අපි ඇගේ ‘ආර්තවාන්ත මල්වරය’ සංයුක්ත කවිය වෙත යොමු වෙමු.

ආර්තවාන්ත මල්වරය

සිරි යහනට
සඳ පායයි
තාමත් හැම රෑම
මන්ද ගිජිඳු
සොඬින් ඇහැරවයි
රෑ මැද තාම
දීග දෙන්ට
දූරු ඇතත්
පිටු පාන්නෙ කෝම
පාන නිවෙන්නට
කලියෙන්
දැල්ල නගියි බෝම

අජානා රණගල

wall එක