මිනිසාට සහ පරිසරයට වින කරන ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

කරමින් මිනිස් ශරීර සෞඛ්‍යයට සේම පරිසරයේ ජල මූලාශ්‍රවලට පස් සහ පැළෑටි වලටත් ද දැඩි හානියක් සිදුවන අතරේ මත්ස්‍යයින්, පක්ෂීන් වැඩි ජීවීන්ට ද අගතියක් සිදු කෙරෙන ග්ලයිෆොසෙට් වල් නාශක තහනම් කරමින් පණවා තිබූ නියෝග ඉවත් කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.එම පෙත්සම ඉදිරිපත් කොට ඇත්තේ.පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ මහතා ඇතුළු පිරිසක් විසිනි.එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් වරයා, කෘෂිකර්ම අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය සහ නීතිපතිවරයා නම් කොට තිබේ.පෙත්සම්කරුවන් කියා සිටින්නේ ග්ලයිෆොසෙට් වල් නාශකය තහනම් කරමින් 2017 වසරේ නිකුත් කර තිබූ නියෝග ඉවත් කරමින් ඒවා භාවිතය සඳහා අවසර දෙමින් වර්තමානයේ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවකි.ග්ලයිෆොසෙට් භාවිතාව හේතුවෙන් ජල මූලාශ්‍රවලට දැඩි හානියක් සිදුවන බවත් පස් සහ පැළෑටි වලටත් ඉන් විශාල අගතියක් සිදුවන බව එම පෙත්සම පෙන්වා දී තිබේ.මේ හේතුවෙන් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම හරහා මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම තහනම ඉවත් කිරීමේ නියෝගය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

කාලීන පුවත්