මිසදිටු මත පැතිර වූ දේශකයාගේ අනුගාමිකයන් අතරේ භික්ෂූනුත්

බුදු දහම ලෙස දක්වමින් මිසදිටු මත පතුරුවමින් සිට විෂ වර්ගයක් ශරීර ගත කරගෙන දිවි නසා ගත් රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ දේශනවලට සම්බන්ධ වූ 30 දෙනෙකු සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ඔවුන්ගේ පිරිසේ භික්ෂුන් කිහිප දෙනෙකුද සිටින බව පොලීසිය හා බුද්ධි අංශ එක්ව අරඹා ඇති විමර්ශනයකින් අනාවරණය වී තිබේ.රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ ප්‍රධාන අනුගාමිකයන් ලෙස හඳුනාගත් එම 30 දෙනා අන්තවාදී මතවලින් මුදාගැනීම පිණිස පුනරුත්ථාපන වැඩපිළිවෙළක් අරඹා ඇති බව ද පොලීසිය කියයි.

කාලීන පුවත්