මීගමුව දළුපොත ඉන්ධන පිරවුම් හල අසල මාධ්‍යවේදී උද්ඝෝෂණයක්

වත්මන් ඉන්ධන අර්බුදය පිළිබඳ මාධ්‍ය අනාවරණයක් කරමින් සිටියදී මීගමුව සිරස මාධ්‍යවේදී එම්.ඉසෙඩ් සහජාන් මහතාට මීගමුව දළුපත ඉන්ධන පිරවුම් හල අද්දර දී මැර පිරිසක් විසින් පහර දී මාධ්‍යවේදී හැදුනුම්පත, කැමරා ආම්පන්න සහ ජංගම දුරකතනය පවා බලහත්කාර ලෙසින් ලබා ගැනීම සම්බන්ධයෙන් කඩිනම් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන මෙන් ඉල්ලා සිටින උද්ඝෝෂණයක් අද(04) පස්වරුවේ මීගමුව දළුපත ඉන්ධන පිරවුම් හල අද්දර දී පැවැත්විණි.මේ සඳහා මාධ්‍යවේදීන්, මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන සහ දේශපාලන ක්‍රියාධරයන් රැසක් එක්ව සිටියහ.

උද්ඝෝෂකයන් මෙහි දී චෝදනා කරන ලද්දේ මේ සම්බන්ධ වැඩිදුර පොලිස් පරීක්ෂණ සිදු කෙරෙන ආකාරය පිළිබඳව තමන් තුළ කිසිදු සෑහීමක් නොමැති බවය.

 

 

 

කාලීන පුවත්