විහාර දේවාලගම් ආඥාපනතේ 42 වැනි වගන්තියේ විධිවිධාන වලට අනුව සාමණේර උපසම්පදා ලේඛනයේ නම් සඳහන් නොමැති අයෙකු භික්ෂුවක් ලෙස පෙනී සිටීම නීති විරෝධී ක්‍රියාවක් බැවින් මීවනපලානේ සිරිධම්මාලංකාර නමින් භික්ෂුවක ලෙස පෙනී සිටින්නා සම්බන්ධයෙන් අවධානය යොමු කර අවශ්‍ය කටයුතු කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත.මීවනපලානේ සිරිධම්මාලංකාර නම් “භික්ෂු ප්‍රතිරූපකයා” විසින් මේ වන විට සිදු කරමින් පවතින ශාසන විනාශය හා නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නාහිමියන් වහන්සේලා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමතිවරයා වෙත, හා තවත් පාර්ශවයන් වෙත, පිටපත් සහිතව ජනාධිපතිවරයා වෙත 2024.02.29 දින ලිපියන් යොමු කර ඇති බව ද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන් කර තිබේ.