මුදල් ඇමති කමින් බැසිල් ඉවත් කරන්නැයි ඉල්ලීම්

වර්තමාන ආර්ථික අර්බුදය මුල් කොට රජයට රට පුරා මතුව ඇති මහජන විරෝධය හමුවේ මේ දක්වාත් විධිමත් ක්‍රියාමාර්ගයකට අවතිර්ණ වීමට නොහැකිව සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව ඔහු දරමින් සිටින මුදල් ඇමතිධූරයෙන් ඉවත් කිරීමට බොහෝ පාර්ශවයන් රජයයට ඉල්ලීම් කර ඇතැයි වාර්තා වෙයි.මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු රජයට හිතවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් ද ජනාධිපතිවරයාගෙන් ඒ සම්බන්ධ ඉල්ලීමක් කොට ඇති බව ද සඳහන්ය. මේ අතර මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ආණ්ඩු පක්ෂය තුළ දැඩි විවේචනයට ලක් වෙමින් ඇති බව වාර්තා වෙයි.

කාලීන පුවත්