මුදල් නැති කමින් “පුංචි ඡන්දය”පැවැත්වීම ගැන සැකයක්

පළාත් පාලන මැතිවරණයේ වියදම් සඳහා මුදල් ඉල්ලා නීතිඥ නිමල් පුංචිහේවා මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කළ ද ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් නොලැබුණහොත් මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇතැයි මේ අතර කොමිසම් ආරංචි මාර්ග සඳහන් කරයි.මැතිවරණයේ වියදම් සඳහා රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් මුදල් අමාත්‍යාංශයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ඉකුත් මාසයේදී ලැබුණු අතර එම මුදල්වලින් මැතිවරණයට අදාළ මූලික කටයුතු කරගෙන යන බව ද බව එම කොමිෂන් සභාව පවසයි.පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මූලික යෙදවුම් සඳහා ටෙන්ඩර් පත් දැනටමත් කැඳවා ඇතත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ මැතිවරණය සඳහා ප්‍රමාණවත් අන්දමට මුදල් ලබාදීමට භාණ්ඩාගාරයට හැකියාවක් නැති බවයි.

කාලීන පුවත්