මහා පරිමාණ මූල්‍ය වංචා වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති තිළිණි ප්‍රියමාලි සමඟ ගණුදෙනු කිරීමේ සිද්ධියට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බොරැල්ල සිරිසුමන හිමිගේ පියාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.තමන් රහත් ඵලයට පත් ව ඇතැයි පවසන අතරේ තිළිණි ප්‍රියමාලිට මුදල් වංචා කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත බොරැල්ලේ සිරිසුමන හිමි පසුගිය නොවැම්බර් 01 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.