මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පදවියට පත් කිරීම තම සංගමයේ මහත් කලකිරීමට හේතු වී ඇති බව පවසමින් කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ ආචාර්ය සංගමය(VCSTA )නිවේදනයක් නිකුත් කොට ඇත.කොළඹ විශ්ව විද්‍යාලයීය කීර්ති නාමය සහ විශ්වසනීයත්වය ජාතික සහ ජාත්‍යන්තර තල ඔස්සේ පවත්වාගෙන යාමට ප්‍රසිද්ධ වෘත්තීය සමිති ක්‍රියාධරයකු සේම දේශපාලනික සබඳතා සහිත හිමි නමක වන උන් වහන්සේගෙන් පිටිවහලක් නොලැබෙන බව තම සංගමයේ අදහස බව ද එම නිවේදනයේ සඳහන් ය.