ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF ) පළමු ණය වාරිකය ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට ලැබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය.ලෝක බැංකුව සහ වෙනත් ණය ආධාර ලබා දෙන ලෙස පාර්ශ්වයන් වෙතින් තවත් ඩොලර් බිලියන හතක පමණ කඩිනමින් ණය ආධාර බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා කීය. එමෙන්ම යම් යම් සීමාවන්ට යටත්ව උද්ධමනයට සරිලන ලෙස ඉදිරියේ දී රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනස් කිරීමට නියමිත බවත් ඒ අනුව ප්‍රාථමික අයවැය ශේෂයේ සීමාවන් තුළ අදාළ ගැලපීම සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. එසේම ඉන්ධන මිල තීරණය කිරීම දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණයෙන් ඉවත් කරන බවත් ඉන්ධන මිල 2018 මිල සූත්‍රය අනුව පමණක් තීරණය කරන බවත් එහිදී ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය. සෑම හය මසකට වරක්ම විදුලි බිල ගැලපීමට පියවර ගන්නා බවත්, මහා පරිමාණයෙන් පාඩු ලබන මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රීලංකන් ගුවන් සේවය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා විදුලිබල මණ්ඩලය යන ආයතනවල ශේෂ පත්‍ර යළි සකස් කරන බවත් මෙහි දී ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.