මුහුද කැළඹෙයි,පලාත් කිහිපයකට තද වැසි

අද(31) පස්වරු 6 සිට දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වලකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.ඒ ගිනිකොණ දිග බෙංගාල බොංක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම හේතුවෙනි.එය හෙට දිනය වන විට නැගෙනහිර වෙරළ කලාපයට පිවිසෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.මේ හේතුවෙන් පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප‍්‍රදේශවල හා වෙරළ ආශ්‍රිත ප‍්‍රදේශවල මීටර් 3 ක් පමණ උස් රළ ඇතිවිය හැකි අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ක් දක්වා ඉහළ යා හැකි බව ද සදහන් ය.එමෙන්ම නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක පමණ තද වැසි ඇතිවන අතර වයඹ සහ උතුරු පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවන තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කාලීන පුවත්