මෙකල බහුල ඉන්ෆ්ලුවන්සා

මේ දිනවල බහුලව උණ, සෙම්ප්‍රතිශ්‍යාව පැතිරී යමින් තිබේ. මෙය ඉතාමත් කරදරයක් වන්නේ බෝවෙන රෝගයක් නිසා ය. මේ රෝගයට හේතුව අපේ ඇස් දෙකට නොපෙනෙන තරම් ඉතාමත් කුඩා සතෙක් වැනි ජීවියෙකි. එනම් වෛරසයකි. මේ කතා කරන්නේ මෙකල බහුලව පැතිරී තිබෙන උණ රෝගය ගැනයි.
⁣මේ වෛරසය වාතයේ පාවී ඇවිත් අප හුස්ම ගන්නා වාතය සමඟ අපේ ශරීරය තුළට ඇතුල් වෙයි. මේ ඇතුල් වීම අපට දැනෙන්නේ නැත. ඇතුල් වූ පසු තමන්ගේ වර්ගයේ අය මිලියන ගණනක් උත්පාදනය කරන්නට මේ වෛරසයට හැකියාව තිබේ.
වෛරසයට අවශ්‍ය වන්නේ තවත් මිනිසුන් ගණනාවකගේ ශරීර තුළට ඇතුල් වීමට ය. මේ සඳහා වෛරසය කරන්නේ අපට කිවිසුම්, කැස්ස වැනි දැ ඇති කිරීම ය. එවිට කෙළ බිඳිති සමඟ එකතු වී නැවත වාතයට මුසු වීමට වෛරසය ට අවස්ථාව ලැබේ. එමගින් තව ශරීර ගණනාවකට ඇතුල්වීමට හැකියාව ලැබෙනු ඇත.

වෛරසයක් ඇතුල්වූ පසු ඊට එරෙහි ව අපේ ශරීරය තුළින් සටන ආරම්භ වෙන අතර උණ හට ගන්නේ එවිට ය. ඇඟපත අමාරු, වමනය, ආහාර අරුචිය යන සියල්ල එතැන් සිට ඇති වෙයි. ඔබ සමහර විට හෙට දින තිබෙන විභාගයකට සූදානම් වෙනවා ඇත. නැතහොත් ඔබගේ විවාහ මංගල උත්සවය හෙට විය හැකිය. නොඑසේ නම් වෙනත් රටකට යෑමට ඔබ ගුවන් ගතවන්නේ හෙට දිනයේ වන්නට පුළුවන. මේ එකක්වත් ලෙඩ රෝගවලට අදාළ ම නැත. සමහර වෛරස් වර්ග බෙහෙත්වලින් මර්දනය විය හැකි⁣ය. නමුත් සමහර වෛරස්වලට බෙහෙත් නැත. ඒවා මර්දනය කළ හැක්කේ ශරීර ප්‍රතිශක්තියට පමණි.

නමුත් මෙය දිගටම සිදු වන්නට ශරීරය ඉඩ නොදෙයි. වෛරසයක් ඇතුල්වූ පසු ඊට එරෙහි ව අපේ ශරීරය තුළින් සටන ආරම්භ වෙන අතර උණ හට ගන්නේ එවිට ය. ඇඟපත අමාරු, වමනය, ආහාර අරුචිය යන සියල්ල එතැන් සිට ඇති වෙයි. ඔබ සමහර විට හෙට දින තිබෙන විභාගයකට සූදානම් වෙනවා ඇත. නැතහොත් ඔබගේ විවාහ මංගල උත්සවය හෙට විය හැකිය. නොඑසේ නම් වෙනත් රටකට යෑමට ඔබ ගුවන් ගතවන්නේ හෙට දිනයේ වන්නට පුළුවන. මේ එකක්වත් ලෙඩ රෝගවලට අදාළ ම නැත. සමහර වෛරස් වර්ග බෙහෙත්වලින් මර්දනය විය හැකි⁣ය. නමුත් සමහර වෛරස්වලට බෙහෙත් නැත. ඒවා මර්දනය කළ හැක්කේ ශරීර ප්‍රතිශක්තියට පමණි.

ශරීරය තුළ ප්‍රතිශක්තියක් ඇති වන්නට නම් මෙම වෛරස් වර්ගයටම මීට කලින් අප හසුවී සිටිය යුතුය. ශරීරය මෙය මතක තබාගෙන නැවත එම වෛරසය ආවොත් පහර දීමක් සිදු කරයි. කලින් සෑදී නැති වෛරසයක් නම් පහසුවෙන්ම ශරීරය ඇතුළට යන්නට පුළුවන. නමුත් එකම වෛරසයකට එක් වරකට වඩා ශරීරය ඇතුළට යන්නට ශරීරය ඉඩ දෙන්නේ නැත. ප්‍රතිශක්තිය ඇතිවූ පසු, මෙම වෛරසවලට ශරීරය තුළ ට යාමට නොහැකි නිසා වෛරස මගින් කරන්නේ තමන්ගේ මුහුණත වෙනස් කර ගැනීම ය. මින්පසු වෛරස ශරීරය තුළ ට ඇතුළු වන්නේ අලුත් වෛරසයක් ලෙසිනි. එකම සෙම්ප්‍රතිශ්‍යාව සමහරුන්ට නිතර නිතර සෑදෙන්නේ මෙන්න මේ හේතුව නිසා ය. එකම වෛරසයකට ශරීරය ඇතුළට නැවත නැවත යන්නට බැරි නිසා වෙනත් වෛරස් රෝග එනම් පැපොල්, සරම්ප ආදිය වරකට වඩා නොසෑදෙයි.
සියල්ල සලකා විද්‍යාඥයන් වෛරසයට වඩා තවත් පියවරක් ඉදිරියට තබා ඇත. ඒ අනුව වෛරසය පිටතට රැගෙන වෙනස් වූ මුහුණත පමණක් යොදා ගනිමින් එන්නතක් සාදා එය රෝගියාට ලබා දෙයි. සිරුර එන්නත් කිරීම යනු එයයි . මෙහිදී ශරීරය සිතන්නේ වෛරසය පැමිණි බවකි. නමුත් පැමිණුනේ වෛරසයේ මුහුණත පමණි. මින් ලැබෙන ප්‍රතිශක්තිය මගින් ඒ වෛරසය යළි පැමිණීම වළක්වනු ඇත. නමුත් වසරකට වතාවක් වෛරසය මුහුණත වෙනස් කරන නිසා වසරකට වතාවක් එම වසරට ගැළපෙන influenza එන්නත ලබා ගත හැකිනම් වෛරසයෙන් ගැලවී සිටීමට අවස්ථාව ලැබෙනු ඇත.

මේ දිනවල බහුලව පවතින උණ වැළඳීම සඳහා හේතු කරවන influenza වෛරසය ශරීරයට ඇතුළු වූ පසු මුල් දින කිහිපයේ වෛරසය පමණක් අපේ ශරීරයේ තිබුණත් දින කිහිපයක් ගතවන විට වෛරසය විසින් වෙනස් කරන ලද හුස්ම මාර්ගය තුළ බැක්ටීරියා ආසාදනය ආරම්භ වේ. උණ දිගින් දිගටම ඇතිවීමත්, සෙම කහපාට වීමත් මෙහිදී දැකිය හැකි ලක්‍ෂණයි. ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය වන්නේ මෙම අවස්ථාවේදී ය. මෙහිදී වෛද්‍ය උපදෙස් ලැබීම ඉතා වැදගත් වෙයි.
මෙම වෛරසය නිසා වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව විවිධ පැති කරා ගමන් කළ හැකිය . සමහරුන්ට දිගටම කැස්ස පවතී. මෙය රෑට වැඩිවෙන අතර සමහරුන්ට උදේ නැගිටින විට වැඩි වේ. මෙය ඇදුම රෝගයේ මුල් අවස්ථාවයි. වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත් වන්නේ මෙලෙස රෝගය විවිධ ආකාර ගන්නා නිසා ය.

හිස තුළ නාසය වටා කුහර ගණනාවක් පවතී. ඔබ තදින් සොටු සූරන විට නාසයේ සිට මෙම කුහර දක්වා සොටු ගමන් කරනු ඇත. ඒවා නැවත නාසයට එන්නේ නැත. ඒවායේ ඇති කුඩා බට ඉදිමී තද වෙන නිසා මෙම කුහර සැරවවලින් පිරි තද වී යයි. එවිට දිගට පවතින දැඩි හිසරදයක්, හිස හිරි වැටීමක් ඇතිවේ. සමහරුන්ට සෙම පපුවට බැසීම නිසා නියුමෝනියා දක්වා ගමන් කළ හැකිය. මෙහි ප්‍රධාන ලක්ෂණ නම් උණ සහ කහින විට පපුවේ එක පැත්තකින් ඇතිවන වේදනාවයි. මෙය මාරාන්තික තත්ත්වය දක්වා වර්ධනය වන්නට වුවද බැරි කමක් නැත. වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලැබීම ඉතා වැදගත් වන්නේ ඒ නිසා ය.

සෙම්ප්‍රතිශ්‍යාව සෑදුණු විට කළ යුත්තේ උණු වතුර පාවිච්චියත්, මුහුණ සේදීමට උණුවතුර යොදාගැනීමත්, නෑමෙන් වැළකීමත්, වර්ෂාවට හසුවීමෙන් වැළකීමත්, නිදි වැරීමෙන් වැළකීමත්, උදේ පින්නට අසුවීමෙන් වැළකීමත් ය. ඔබ තරුණ කෙනෙක් නම් සමහර විට දින කීපයකින් මෙම තත්ත්වය පහවී නිරෝගි සුවය අත්විය හැකිය. නමුත් ගැටලුව වන්නේ ඔබගේ ගෙදර තුළට සෙම්ප්‍රතිශ්‍යාව ඇතුල් වූ පසු එහි සිටින කාට කොහොම කොයි විදියට බලපෑමක් ඇතිවේදැයි කියන්නට අසීරු වීම ය. වයස්ගත අය ජීවිතය තුළ රැඳී සිටින්නේ යන්තමින් විය හැකිය. ඔවුන් මේවාට කෙසේ ඔරොත්තු දේ දැයි කිව හැකි නොවේ. කුඩා ළමුන්ටත් මෙම තත්ත්වයන් වෙනස් ආකාරයකට බලපාන්නට පුළුවන.

නමුත් සෙම්ප්‍රතිශ්‍යාව සඳහා සමහරුන් බලාපොරොත්තු වන්නේ වන්ෂොට් ප්‍රතිකාර ය. එවැනි ප්‍රතිකාරවලින් රෝගියා තව තවත් අමාරුවේ වැටීමට පුළුවන. එනම් සමහර බෙහෙත් නිසා දියවැඩියාව නැති අයටත් දියවැඩියාව ආරම්භ වනු ඇත. සමහර බෙහෙත්වලින් ගැස්ට්‍රයිටිස් ආරම්භ වේ. “ගිලන් බාරේ” යනුවෙන් හඳුන්වන මාරාන්තික හුස්ම හිර කරන රෝගයට ද සෙම්ප්‍රතිශ්‍යාව සමඟ සම්බන්ධකමක් පවතී.
සෙම්ප්‍රතිශ්‍යාව සෑදුණු විට කළ යුත්තේ උණු වතුර පාවිච්චියත්, මුහුණ සේදීමට උණුවතුර යොදාගැනීමත්, නෑමෙන් වැළකීමත්, වර්ෂාවට හසුවීමෙන් වැළකීමත්, නිදි වැරීමෙන් වැළකීමත්, උදේ පින්නට අසුවීමෙන් වැළකීමත් ය. ඔබ තරුණ කෙනෙක් නම් සමහර විට දින කීපයකින් මෙම තත්ත්වය පහවී නිරෝගි සුවය අත්විය හැකිය. නමුත් ගැටලුව වන්නේ ඔබගේ ගෙදර තුළට සෙම්ප්‍රතිශ්‍යාව ඇතුල් වූ පසු එහි සිටින කාට කොහොම කොයි විදියට බලපෑමක් ඇතිවේදැයි කියන්නට අසීරු වීම ය. වයස්ගත අය ජීවිතය තුළ රැඳී සිටින්නේ යන්තමින් විය හැකිය. ඔවුන් මේවාට කෙසේ ඔරොත්තු දේ දැයි කිව හැකි නොවේ. කුඩා ළමුන්ටත් මෙම තත්ත්වයන් වෙනස් ආකාරයකට බලපාන්නට පුළුවන.

මේ සියලු කරදරවලින් මිදීමට නම් ඔබට අනුගමනය කළ හැකි ක්‍රම කිහිපයක් තිබේ. එකක් නම් පොදු ස්ථානවලට යන විට මුව ආවරණයක් පැළඳීමයි. එසේම හැකි සෑම විටම සබන් යොදා දෑත් පිරිසිදු කරගැනීම, වසරකට වතාවක් influenza එන්නත ලබා ගැනීම සහ කිවිසුම් ආරම්භ වී සෙම්ප්‍රතිශ්‍යාව පටන් ගන්නා පළමු පැය කිහිපය ඇතුළත දීම සුදුසු වෛද්‍යවරයෙක් හමුවීම එම ප්‍රතිකර්ම යි. මෙමගින් influenca රෝගය පරාජය කරන්නට ඔබට හැකි වනු ඇත.

කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

ඉන්දු පෙරේරා

විනිවිද සායනය