මෙතෙක් කිසිඳු බරපතල තත්ත්වයක් වාර්තා වී නැහැ – පැෆරල්

ඡන්ද විමසීම ආරම්භවී මේ දක්වා බරපතල තත්ත්වයක් වාර්තා නොවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

ඒ අනුව සුළු සිදුවීම් 35 ක් පමණක් අද (21) දිනයේ වාර්තාවී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කරයි.

සමස්තයක් ලෙස සාමකාමී වාතාවරණයක් පවතින බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කාලීන පුවත්