මෙරට මුල්ම රූපවාහිනී නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය සදහටම සමු ගනී

ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වූවා ය.ගුවන්විදුලි හා රූපවාහිනී යන ක්ෂේත්‍ර දෙකේම සම්මානනීය ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය ගුවන්විදුලියෙන් මාධ්‍ය ජීවිතය ආරම්භකර ඇත්තේ 1962 වසරේදීය.ඇය මුල් යුගයේ ගුවන් විදුලියට සම්බන්ධ වූ පිබිදෙන ගායක පරපුර වැනි ජනප්‍රිය වැඩසටහන් ඉදිරිපත් කිරීමෙන් රසික ආදරයට ලක් විය.සුමනා නෙල්ලම්පිටිය මහත්මිය ගේ සුවිශේෂත්වය වනුයේ ඇය මෙරට පළමු රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වීම නිසා ය. ඇය ජාතික රූපවාහිනියේත් ස්වාධීන රූපවාහිනියෙත් ඇය සේවය කර තිබේ.මිය යන විට අසූ වියැති වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

කාලීන පුවත්