මෙවර මහ කන්නයේ නම් වී අලෙවි මණ්ඩලය වී මිලට ගන්නවාමලු

මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සුදානම් වන අතර ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ය.පසුගිය කාලයේ වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් වී මිල දී නොගැනීම පිළිබඳව ගොවීන් ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. ඊට ප්‍රධාන වශයෙන් හේතු වූයේ 2015 වසරේ සිට වී අළෙවි මණ්ඩලය රාජ්‍ය බැංකුවලට ගෙවීමට තිබූ රුපියල් මිලියන හයදහස් පන්සියයක ණය මුදල නොගෙවීම මත එම බැංකු යළි ණය දීම ප්‍රතික්ෂේප කළ නිසා බවත් නමුත් මේ වන විට ඒ මුදලින් රුපියල් මිලියන හයදහසක් ගෙවා අවසන් බවත් තවත් ගෙවීමට ඉතිරිව ඇත්තේ රුපියල් මිලියන 500 ක් බවත් වී අලෙවි මණ්ඩල ආරංචි මාර්ග කියයි. ලබන 15 වැනිදා පමණ වන විට මෙවර මහ කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ කෙරෙන අතර වී මෙට්‍රික්ටොන් 14 දහසක පමණ සංචිතයක් මේ වනවිටත් මණ්ඩලය සතුව පවතී. එම වී සහල් බවට පත් කර සතොස වෙත ලබාදීම ද මේ වන විට සිදුවෙයි.

කාලීන පුවත්