ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති 2024 අයවැය රට මුහුණ දී ඇති අර්බුදයෙන් එළියට ඒමට විසඳුම් නොමැති අයවැයක් බව තමන්ට පැහැදිලිවම පෙනී යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.ඒ අනුව අයවැය පරාජය කිරීමේ වගකීම විපක්ෂයට පැවරී ඇති බව ද පැවසූ ඔහු, විපක්ෂ නායකයා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර එය සිදු කළ යුතු බව ද පැවසීය.විපක්ෂය අයවැය පරාජය කිරීමට අදාළ පාර්ශ්වයන් සමඟසාකච්ඡා නොකර අයවැයට අභියෝග කිරීමෙන් ඵලක් නැතැයි ද කී මන්ත්‍රීවරයා, ජනාධිපතිවරයා හා විපක්ෂ නායකවරයා කොළඹ නියෝජනය කිරීම නිසා කොළඹ නගරය සීමාවට සහන ලැබෙන්නට ඇති බව පවසයි.කෙසේ නමුත් මෙවර අයවැයේ ද පසුගිය අයවැයට ඇතුළත් වූ බොහෝ දේ තිබීම නිසා පසුගිය අයවැයට පක්ෂ වූ කෙනෙකුට ඊට විරුද්ධ වීමට හැකියාවක් නැති බවද මන්ත්‍රී වරයා පවසයි.නමුත් පසුගිය අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක නොකර නැවත ඉදිරිපත් කිරීම සාධාරණ දැයි ගැටලුවක් ඇති බවද හෙතෙම තව දුරටත් කියා සිටියි.ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමඟ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.