“මේ ඔක්කොම යාළුවො මල්ලී” කී රන්ජන්ට වෙසක් දවසේ වත් නිදහස දෙන්න

ජනාධිපති සමාව යටතේ මිනී මරුවන් පවා නිදහස් කොට ඇති පසුබිමක නිදහස් අදහස් ප්‍රකාශ කිරීම මත සිරගත කොට සිටින රන්ජන් රාමනායක මහතාහෙට (15) දිනට යෙදෙන වෙසක් පොහොය මුල් කොට හෝ ජනපති සමාව යටතේ නිදහස් කරන ලෙස ඉල්ලා කලාකරුවන් පිරිසක් අද (14) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ දේශපාලන හොරුන්ට දඬුවම් දීම සම්බන්ධයෙන් ඔහු නිතර කියූ “මුන් ඔක්කොම යාළුවො මල්ලී”යන ප්‍රකාශය අතිශය පැහැදිලි සත්‍යයක් සේම”රුවන් වැකියක්” බවට පත් ව ඇති වර්තමානයේ ඔහු තව දුරටත් සිර අඩස්සියේ රඳවා දෙන සිටීම සමස්ත සමාජයටම කරන කුරිරු අසාධාරණයක් බවත් මෙය නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ද ක්ෂණික අවධානයට ලක් විය යුත්තක් බවත් ඔවුහු කියා සිටියහ.

කාලීන පුවත්