මේ ඡන්දයෙන් පොදු ජන පෙරමුණ පහසුවෙන් 113 ක බහුතර බලය ගන්නවා

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉතා පහසුවෙන් පාර්ලිමේන්තුවේ 113 ක බහුතර බලය ලබා ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.තමන් ද දේශපාලනයෙන් විශ්‍රාම නොගනුයේ දේශපාලනඥයන් කිසිදා විශ්‍රාම නොයන නිසා බවත් රාජපක්ෂ වරුන් මෙවර මැතිවරණයට තරඟ නොකරන කතාව බොරුවක් බවත් පවසන රාජපක්ෂ මහතා පවසනුයේ මෙවර මැතිවරණය සඳහා ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මොනරාගලින් තරඟ වදින බවයි.මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ දී පැවැති උත්සවයක් අවසානයේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

කාලීන පුවත්