මේ ණය බර ගැන දැන් 225ට බහිනවා.අවුරුදු 72ක් රට පාලනය කරපු අයට බනිනවා. එහෙම කියලා මේක සාමාන්‍යකරණය කරනවා. මම බොහොම පැහැදිලිව කියනවා අද මේ අර්බුදය බණ්ඩාරනායකලා ,සේනානායකලා, ජයවර්ධනලා, කුමාරතුංගලා, ප්‍රේමදාසලා හදපු අර්බුදයක් නොවේ. මේ අර්බුදය සම්පූර්ණයෙන් රාජපක්ෂවරු හදපු අර්බුදයක්.
මේ අවුරුද්දේ අපේ ණය ආපසු ගෙවීම් ගැන බැලුවොත් රාජපක්ෂවරු හදපු අර්බුදයක්. මේ අවුරුද්දේ අපේ ණය ආපසු ගෙවීම් ගැන බැලුවොත් මේ අවුරුද්දේ 77.4%ක්ම මහින්ද රාජපක්ෂගෙ ණය. 14%යිසේනානායකලගේ ඉඳන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය දක්වාම ණය. ඒකෙන් පේන්නේ මේ බර රාජපක්ෂවරුන්ගේ බර. ඊළඟට එකක් මතක තබා ගන්න ඕන.
තව එකක් 2005 වෙනකන් අපි අර කියනව සහනදායි ණය, ඒවගේම වාණිජ ණය. ඒ වාණිජ ණය සහනදායි නොවන ණය සනදායී ණය තිබුණෙ 8%මහින්ද රාජපක්ෂ මහත්තයා ඒක 47% ට ගෙනිච්ච.
අන්න ඒ ණය තමයි අපිට අද ගෙවන්න තියෙන්නෙ. මේකෙ තියෙන බැරෑරුම්කම කොච්චරද කියනව නම් අපි කතා කරන මේ ඉන්ටර්නැෂනල් ෂවරින් බොන්ඩ්ස් මේ අවුරුද්දෙ තියෙනව මිලියන එක්දාස් පන්සීයක්. තව එක් දාස් අසූතුනක් තියෙනව පොලී. එක්දාස් පන්සියයි ණය. පොලිය එක්දාස් අසූ තුනක්.
මේ ණය වල පොලී ප්‍රමාණය ගැන ඔබට අවබෝධයක් ලැබිල ඇති. ඉතින් ඒ නිසා මේ අර්බුදය ඔවුන් ඇති කළ බරපතල අර්බුදයක්. ඒක අපි අමතක කළ යුතු නැහැ.
ඒ වගේම නිතර නිතර ආඩම්බරයෙන් කියන කතාවක් තමයි ඒක තමයි අපේ කාලයේත් දැවැන්ත වැඩ කොටසක් සිදු වුණා. අධිවේගී පාරවල් හැදුණා, බලාගාර හැදුණා. ඒ වගේම වරායවල් හැදුණා.
ගුවන් තොටුපලවල් හැදුණා සංඥා කුලුණු හැදුණා. ක්රීඩාගාර හැදුණා. සම්මන්ත්රණ ශාලා හැදුණා දැවැන්ත සංවර්ධනයක් සිදු වුණා. 7%ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගත්තා.යහපාලනය තුනට වැට්ටුව කියල.
නිතරම ඕක කියනව. කොහෙන්ද මේ සංවර්ධනය ආවේ. මේ සංවර්ධනය ආවේ අන්න ඒ වාණිජ ණය හරහා. ඒ වාණිජ ණය දරා ගන්න
බැරුව ඔය නග්ගපු ව්‍යාජ සංවර්ධනය 2013 දී 3% ට වැටුණ.
මහින්ද මහත්තය යටතේ කියල කවුරුවත් කියන්නෙ නැහැ. මේ හරහා දැවැන්ත ජාතික මංකොල්ලයක් ඔබට මතක නැති වුණා. මේ ශාලාවේදීම මේ පොත නිකුත් කළා. ‘අලාපාලු ආර්ථිකය” නමින්. මොකක්ද? මේ පොත.
මේක 2013 දී මේකෙ තියෙන්නෙ ඔය කියන දුම්රිය මාර්ග ඔය කියන අධිවේගී මාර්ග ඔය කියන බලාගාර ඔය කියන වරායවල් මේවා හරහා සිදුකරපු ගැහිල්ල. ඒ 9 මාර්ගය වව්නියාවේ සිට යාපනයට කාපට් කරන අවස්ථාවේදී 400%ක් වැඩියෙන් වියදම් කළා.
යාල් දේවි අරගෙන යන දුම්රිය මාර්ගය ඉර්කුවාන් ආයතනය 400%ක් වැඩියෙන් වියදම් කළා. ඔබ අපි සියලු දෙනා යන මේ අතුරුගිරියේ සිට කඩවත හරහා කෙරවල පිටියට යන පාර 2000%ක් වංචා කළා. මතක තියා ගන්න පුත්තලම බලාගාරයේ යන්ත්‍ර තුනයි අපේ මෛත්‍රී කුලරත්න මැතිතුමා දන්නව.
යන්ත්‍ර තුනම සමානයි. එක යන්ත්‍රයක මිල වගේ අනෙක් යන්ත්‍රයෙ මිලේ වෙනස ඩොලර් බිලියන එකසිය විසි එකයි. යන්ත්‍ර තුනම එක සමානයි. මේ වගේ ගැහිලි ගහල දිගට හරහට ගහල තමයි අද මේ රට මේ තත්ත්වයට පත් කළේ.
ඒ හරහා ඒ අනුව වාණිජ ණය ගැනීම් ඒ වානිජ ණය කිසිම ආදායමක් ඉපදවෙන්නේ නැති, නැව් එන්නේ නැති වරායවල්, ගුවන් යානා එන්නෙ නැති ගුවන් තොටුපලවල්, ඒ වගේම සංඥා නැති මේ නෙළුම් කුලුණවල්, සම්මන්ත්රණ නැති සම්මන්ත්රණ ශාලා, ක්‍රීඩා නැති ක්රීඩාගාර ආදිය ඉදිකිරීම හාරහා අපි කිසිම ආදායමක් ඉපදවෙන්නෙ නැති තැන්වලට තමා අපි ඒව යෙදෙව්වෙ.
ඒ වගේම ඒවයින් එකට 400%යේ එකට 2000% හේ අනුපාතයෙන් කරපු ගසා කෑම් වල පල විපාක තමා අද අපට මේ ගෙවන්න සිදුවෙලා තියෙන්නේ. ඒ නිසා මේ අර්බුදය ලබන අවුරුද්දේ කෙලවර වෙන එකක්වත් ඊළඟ අවුරුද්දේ කෙළවර වෙන එකක්වත් නොවේ. ඒ අනුව සරලව විසඳන්න පුළුවන් ගැටලුත් නෙවේ.
මට ඇහිල තියෙනව ඔබටත් ඇහෙන්න ඇති 2019 මහින්ද රාජපක්ෂ මහතා කතා කරනව. එතුමා මෙහෙම ඉන්න කොට ගෝඨාභය රාජපක්ෂ මහත්තය විමල් වීරවංශ මහත්තය ඉන්න කොට සභාවෙන් මාධ්‍යවේදියෙක් ඇහුව ප්‍රශ්නයක්. ඔබ තුමාලා කොහොමද මේ ණය ප්රශ්නය විසදන්නේ. අපි අවම සල්ලි හොයනව.
අපි ආවම සල්ලි ගලාගෙන එනව. කිසිම ප්‍රශ්නයක් නෑ අපි ආවම. අපි දන්නව සල්ලි හොයන හැටි. අපි දන්නව මේ ණය ගෙවන විදිහ. අපි වැඩකරපු කට්ටියක්. දැන් ඒ වගේ කතා විපක්ෂයෙනුත් ඇහහෙනව. අපි අවාම අපි කරනව. අපි දන්නව කරන හැටි.කිසිම ප්‍රශ්නයක් නෑ අපි වැඩ කරපු කට්ටියක්. මිත්‍රවරුනි මේ අර්බුදයක්. ඉතා සරල ලෙස කතා කරන්න බැහැ.
මේකට අවශ්‍යයයි නිශ්චිත වැඩපිළිවෙලක්. මේකට අවශ්‍යයයි නිශ්චිත කණ්ඩායමක්. මේකට අවශ්‍යයයි නිශ්චිතව මේ ප්‍රශ්න හඳුනාගෙන සිදුකරන ක්‍රියාදාමයක් .ඒකෙ වැදගත්ම කොටස මේ රට නැවතත් නීතියේ ආධිපත්‍ය තියෙන රටක් බවට මේ රටේ මිනිස්සුන්ටත් ලෝකයාටත් පෙන්වා දීම.
ඒ සදාහාම එන ප්රතිසංස්කරන වලියක් ඉදිරිපත් කිරීම. එය පටන් ගත යුත්තේම අධිකරණයේ ස්වාධීනත්වය අධිකරණයේ කර්යක්ෂම භාවය ආදිය නැවත ස්ථාපිත කිරීම සඳහා වන බලගතුම ව්‍යවස්ථාමය ප්රතිසංස්කරනයක් හා නීති ප්රතිසංස්කරනයක් හරහා.
ඒ මගින් ලෝකයට අපි බලගතු සංඥාවක් දෙන්න ඕන නැවතත් මේ රට මානව හිමිකම් රකින රටක් කියන, නීතියේ ආධිපත්‍ය තියෙන ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වය තියන රටක් හා අපක්ෂපාතී කියන ඒ කොලපාට සංඥාව ගෝඨාභය රතු සංඥාව නොව කොල සංඥාව අපි ලබා දෙන්න ඕන.
පාඨලී චම්පික රණවක