මේ පෙරට එන ජන ගඟ අවලාද වලින් නතර කිරීමට නොහැකි බවත් එමෙන්ම ගල් මුල් හෝ මඩ ගසා මාලිමාව වැට්ටවිය නොහැකි බව සතුරන්ට අවධාරණය කරන්නේය යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.එමෙන්ම බාධක දැක පෙරමුණේ මොන නදිය ද නැවතුනේ යන කියමන සිහිපත් කරගත යුතුව ඇතැයිද කීය. විසි එක් වෙනි සියවස වෙනුවෙන් අපේ රට නව පුනරද යුගයක් සඳහා පිම්මක් පැනිය යුතු බව කී දිසානායක මහතා එම නිසා එළඹෙන ජනාධිපතිවරණය හෝ මැතිවරණය ජයග්රහණය කිරීම යනු එම නව පිම්ම වෙනුවෙන් සියලු බලවේග එකට එක්වන අවස්ථාවක් ලෙස සලකන ලෙසද ඉල්ලා සිටියේය.ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන තුරු සහන ලබා දෙන බව පැවසූ ඒ මහතා ජනතාව දෙපයින් නැඟී සිටිය හැකි නව නිෂ්පාදන ආර්ථික තත්වයක් මෙරට ඇති කරන බවද පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපතිවරණ ප්රචාරක රැස්වීම් මාලාවේ ප්රථම කළුතර දිස්ත්රික් රැළිය අමතමිනි.